Search This Blog

Labels

adobe (1) android (3) apache (3) aviation (1) bash (2) chrome (2) composer (1) cookery (3) dev (2) dodanperks (1) extensions (1) facebook (2) firefox (1) git (2) grafana (1) guzzle (1) headaches (11) htaccess (1) html5 (2) jquery (2) lamp (1) life hacks (10) linux (28) mysqli (2) native (1) opera (2) php (10) railfanning (1) reactjs (3) reactnative (1) servers (11) sinhala (1) smartphones (2) snap (1) sound (1) tech (22) troubleshoots (4) ubuntu (29) unicode (4) virtualbox (1) wamp (2) web (11) windows (4) wordpress (3) youtube (2) කෑම (3)

Friday, 12 June 2015

රස ආහර කවලා - Rasa Ahara Kawala

රස ආහර කවලා - රන් කූඩුවෙ දමලා - ඇති කරන්න ගත්ත මාල ගිරවි
අතහරින්න කියලා - ඇයි කියන්නෙ ඔහෙලා - සිතුවද ඈ දාල යයි කියාලා //

මම බත් කෑවද ගිරවි කියල ඇහුවම
ඔව් මම බත් කෑව කියනවා
මම ගිරවි ගිහින් කැලේ අතහරින්නද
අනේ අනේ එපා කියනවා

අනෙ ඇති කෙරුවත් රන් කූඩුවෙ දමලා
කුස පිරෙන්න රස ආහර කවලා
ගිරවුන් යනවලු ලැබුනොත් පෙරළා
ඔබ යනවද මටත් එහෙම කරලා

වත්තෙ මල් පිපෙන්නෙ නෑ - ගෙදර සිරියාවක් නෑ - ඔබ නැතිනම් මේ දේවල් නෑ
මේ ගිරවුන් හොඳ නෑ - මගෙ ගිරවි එහෙම නෑ - අතහැරියත් දාල යන්නෙ නෑ

රස ආහර කවලා - රන් කූඩුවෙ දමලා - ඇති කරන්න ගත්ත මාල ගිරවි
අතහරින්න කියලා - ඇයි කියන්නෙ ඔහෙලා - සිතුවද ඈ දාල යයි කියාලා //

ඔබේ රෑන සමඟ පියඹාගෙන යන්න
කුඹුරට ගොස් අවුලාගෙන කන්න
කැලේ ගහක රෑ කාලෙ ගෙවන්න
ඔබට ආස නැද්ද ඒ විදියට ඉන්න

ලස්සන මල් වතු වල ගැවසෙන්න
වළාකුළු ඉරාගෙන ඉගිල්ලෙන්න
නෙළාගෙන ඇවිත් පළතුරු කන්න
ඔබට ආස නැද්ද ඒ විදියට ඉන්න

ඒ විදියට ඉන්න - ආසදැයි බලන්න - කූඩුවෙ දොර ඇරල තියන්න
මාව දාල යන්න - නැහැ නේද කියන්න - මට ආසයි එය දැන ගන්න

රස ආහර කවලා - රන් කූඩුවෙ දමලා - ඇති කරන්න ගත්ත මාල ගිරවි
අතහරින්න කියලා - ඇයි කියන්නෙ ඔහෙලා - සිතුවද ඈ දාල යයි කියාලා //

ගායනය : එම් එස් ප්‍රනාන්දු

No comments:

Post a Comment